À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 23 |

A+ A-

       ” අපත්ති බලන්න යන්නෝන.. ”

    පොඩි එකා උදේම නැගිට්ටෙ අඩාගෙන..

          ඇක්සිඩන්ට් එක වෙලා සතියක් විතර පහුවුණා. මට ක්ලචස් දෙක අරන් පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදගන්න පුළුවන් තරම් හොද වෙලා තිබුණා..

    මං දරුවා තනි අතින් උස්සලා ඔඩොක්කුවෙ තියන් නලවන්න හැදුවට උගෙ ඇඩිල්ල නැවතුනේ නෑ..

   මගෙ රත්තරං හීනෙන් අයියව දකින්න ඇති.. ඊයෙත් රෑ නින්ද ගියෙ කෝල් එකේ ඉද්දි..

   උටත් දැන් මට වගේම අප්පච්චි නැතුව බැරි වෙලා..

      චූටි මල්ලිගෙ පරණ ෆෝන් එක මට දුන්නෙ පොඩි එකා ගේම් ගහන්න කියල හැම තිස්සෙම උගෙ ෆෝන් එක ඉල්ලන හින්දා. අයි ඩී එක ඉල්ලගෙන ගිහින් සිම් එකකුත් ගෙනත් දුන්නා අපරාදෙ කියන්න ඕන්නෑ.

     ” ශ්….. දවාලෙ යංකො.. “

” ඔය බොලු කියන්නෙ.. තාත්ති නෝටි… මොලල පැතියා එක්ක යන්නෑ ඇමදාම..! ඔයාත දුක නෑ මොලල පැතියතනෙ දුක..! ”

      ” තාත්තිගෙ මේ ඌවා වෙලානෙ මැනික.. අද ඩොක්ට මාමා බලන්න යනවනෙ චූටි බාප්පි එක්ක. මං කියන්නං අප්පච්චිට ඇවිත් ඔයාව බලල යන්න කියල.. ම්ම්? ”

      ” තූති බාප්පි නපුලුයි… ”

  ” නපුරු නෑ බාප්පි ඔයාට ආදරෙයි ”

   ” සෑ මගෙ කිපුල් බබාව අලන්… අයික්කීම් තියෙන එක උඩින් තිබ්බම.. ඩොකුඅම්මි අලන් දුන්නෙ.. ”

      කොල්ලා ගැටකිඹුලව අරන් බදාගෙන ආය මගෙ පපුවෙ ඔලුව ගහගත්තා… ” එයාත ඇලයා කිව්වා.. ”

     ” ඇලයා? ”

” à·„à·Šà·„à·Šà·„à·Š..ඇලයා… ” කියවෙන්නැති හයන්න කියන්න පපුවෙන් එකක් හුස්ම පුම්බගෙන කට ඇරපු විදියට මට මූ ගිලින්න හිතුනෙ.. මගෙ කෝලම..

    ” හැලයා? චූටි බාප්පි තමා හැලයා.. මෙයා අපේ සීදේවිනෙ.. ”

     කාමරෙන් එකක් කොල්ලා හිනාවෙන්න ගත්තෙ මගෙ හොදටම හිනා යනා මාරම විහිලුව අල්ලන්..

   ” තූති බාප්පි ඇලයා… තීදේවි කියන්නෙ කවුද තාත්තී? ”

     ” මේ ඉන්නෙ.. සීදේවි.. ”

     මං කිඹුලව අරන් මැනිකට පෙන්නුවා.

       ” එයා දත්තද හින්දා? ”

” ඔව් නෙ. ”

     අප්පච්චි කාමරේට ආවම මං කොල්ලව තුරුල් කරගෙන එහෙමම ගල් වුනාට.. ඇතුලෙන් ගැහෙන්න ගත්තා. මං අප්පච්චිගෙ මූණ දිහා බැලුවෙ නෑ. චූටි පැටියා නං බලෙන් මං අතින් පැනල දුවගෙන ගිහින් අප්පච්චිගෙ කකුලෙ එල්ලුනා..

      මෙච්චර දවස් අප්පච්චි මාවත්.. මං අප්පච්චිවත් මගෑරියා.. අප්පච්චි කොහෙට හරි යනවා ඇහුනොත් මිසක් මං කාමරෙන් එලියට බැස්සෙත් නෑ.. අප්පච්චිත් මං දැක්කත් නොදැක්කා වගේ හිටිය එක මට ප්‍රශ්නයක් වුනා.. මං හිතුවෙ කෑගහල මාව පතුරු ගහවි කියල…

    ” තාත්ති අත්තා..! ”

        අප්පච්චි දරුවව කකුලෙන් තල්ලු කරපු සැරේට කොල්ලා වැටුණෙ ස්ටූල් එකේ වැදිල…

    වේදනාව පැත්තක දාල මං ඇදෙන් පැන්නෙ කෑගහගෙන.

        කොල්ලා කෑගහල අඩන්න ගත්තෙ ඔලුව ඉදිමෙන්න ගද්දි.. මං අප්පච්චි දිහා කෙලින් බැලුවෙ එවෙලෙ..

   මගෙ තුවාල කොච්චර රිදුනත්.. හිත රිදෙන වේදනාව ළඟින් යන්නත් ඒ ශාරීරික වේදනාවට බැරි වුනා.

  මගෙ අප්පච්චිගෙ කකුලෙ දරුවා එල්ලුනේ ආදරේ හින්දා.. ඒ අහිංසක හිත කොච්චර රිදෙන්න ඇතිද? පුංචි වුනාට ඒ හිතට බැඳීම් දැනෙන්නැතුවා නෙවෙයි..

   අප්පච්චි මට කොච්චර වෛර කරත් කමන්නෑ.. මගෙ දරුවටත් වෛර කරනවා කියන එක මෙච්චර කල් දැනන් ඉදියත්.. අද ඒක ස්ථීර වුණා..

    ” උබෙ අඩුබඩු හොදනං වහාම බැහැපං දොට්ට.. මට ඉන්නෙ දරුවො දෙන්නයි. තෝ මැරිල ඉවරයි   මේ ගෙදරට. ලොකු එකා පෙරැත්ත කරපු පලියට හිඟන්නෙකුට අනුකම්පා කරනවා කියන හිතෙන් තෝ සතියකට මේකට වද්දගත්තෙ. තොගෙ හිඟන පැටියත් අරගෙන මේ දැන් බහින්ඩ ඕනා තෝ මේ වත්තෙ හතර මායිමෙන් පිටට.. ”

    අප්පච්චි කෑගැහැව්වෙ මං අප්පච්චිට රවද්දි.. මගෙ දරුවා ඒ ඝන්ඨාර කටේ සද්දෙට බය වෙලා තව අඩද්දි මං අසරණ වුණා. ඉස්සර නං මට බයට ඇඩෙන්න තිබුනා. ඒත් අද මට ඇඩුනෙ නැත්තෙ මගෙ දරුවා වෙනුවෙන් මගෙ හිත හයිය වුනා වෙන්න ඇති.

    ” අප්පච්චි! ” අයියා කාමරේට ආවෙ අම්මත් දොර රෙද්ද ලඟ නවතිද්දි..

      ” බොරුවට කෑනොගහ ඉන්න අප්පච්චි.. අර අහිංසක දරුවා බය වෙනවා.. ඌ වරදක් කරල නෑ නෙ. ”

    ” ඔය අවජාතකයත් අරන් යන්න කියපං මුට ලොකු පුතේ. දැන් උබේ ඉල්ලීම හින්දා සතියක් මං ඉවසුවා. ගමේ උං දකින්න කලියෙන් මූ ගිහිල්ලා බස්සල වරෙන් ඕනැ තූත්තුකුඩියක. තව එක පැයක් මූ මගෙ වහල යට රැදෙන්ඩ බෑ. ”

    ” මද්දු ලෑස්ති වෙයං.. ” ලොකූ දරුවා වඩාගෙන මගෙ අතින් ඇදගෙන ගිහින් ඇදෙන් වාඩි කරා. කොල්ලා මගෙ අතට එන්න බෙරිහන් දිදී අඩද්දිත් අප්පච්චි කොල්ලට සැර පුප්පනකොට මගෙ පපුවත් ලොකු අයියගෙ තරම් ම පිම්බෙන්න ඇකිලෙන්න වුනා.

    චූටි නිදිගැට කඩ කඩ අම්මගෙ උරිස්සෙ එල්ලුනේ ඒ අතර.. අම්මා බිම බලාගෙන අඩනවා මිසක් එක වචනයක් මං වෙනුවෙන් කතා නොකරද්දි මට කලකිරීමක් දැනුණෙ..

      ” උබට මං ඉන්න බෝඩිමක් හොයල දෙන්නං.. පුතා තියාගෙන ඉදපං. මං උබට බලනවා මද්දු.. මට දාහක් නෑ ඉන්නෙ උබයි චූටියි විතරනෙ.. යමං.. ”

    ” මේ පලාතක නං බෝඩිං හොයල නොදුන්නට කමන්නෑ. මේ නවනිංගිරාවෙන් මිදිල යන්තං ඒ කුනු හේදිල ගියා විතරයි.. ”

     මට කියන්න වචන ආවෙ නෑ. හිත හිරිවැටිල වගේ… දැන් කිසිම හැඟීමක් දැනෙන්නෙත් නෑ අප්පච්චිගෙ වචනවලට.. ඒත් මගෙ දරුවට මේව අහන්න වුණා.. 

   සමහර විට මාත් වැරදි ඇති…

ඒත් අප්පච්චි මං වැරදි කරන්නත් කලින්… බහ තෝරන කාලෙ ඉදන් කරපු වෙනස්කම්.. අවුරුදු දාසයේදි කරපු වැරදිවලට විතරක් දඩුවම් නෙවෙයි එයා දෙන්නෙ කියන එක ඔප්පු කරා..

   ලොකූ පවුලෙ මුදුන් යටලීය වෙද්දි.. චූටි පවුලෙ මැනික් කැටේ වෙද්දි.. මං පවුලෙ වටිනාකමක් නැති ම චරිතෙ කළේ එයා.. එයාගෙ ආදරේ අඩු වෙද්දි මං අම්මගෙ ආදරේ හෙව්වා.. ඒත් ඒ වෙලාවටත් එයා මැදින් පැනල මට ඒ ආදරේ නැති කලා. අම්මා මට ආදරෙයි තමා.. ඒත් අම්මා වුනත් අයියටයි මල්ලිටයි මට වඩා ආදරෙයි කියන ඇත්ත මාව නොමරා මැරුවා. මල්ලිට ගැහුවත් අප්පච්චිට එපා කියන අම්මා මං වෙනුවෙන් එක වචනයක් කතා කරේ නැති වෙනස මට දැනුණා .. දරුවෙකුට ඒ වෙනස දැනෙන්න දෙන්න හොද නෑ.. පවුලෙන් ඒ වෙනස දැනෙනකොට.. දරුවො මානසිකව කොයි තරම් අසරණ වෙනවද කියන එක දන්නෙ අත්දැකීම් තියෙන කෙනෙක් විතරයි..

   පන්තියේ ළමයි අප්පච්චි ගෙනත් දීපු දේවල් පෙන්නල පම්පෝරි ගහද්දි.. මට කවදාවත් අප්පච්චි පැන්සලක කියල දෙයක් ගෙනත් දීල නෑ. සල්ලි දුන්නා තමා අම්මට අපිව නඩත්තු කරන්න..

   ඒත් සල්ලිවලින් කෝටියකට ගන්න බැරි සතුටක් එක දොඩම් සුවද මකන කෑල්ලකට දෙන්න පුළුවන්.. දරුවන්ට ඕන සල්ලි නෙවෙයි… ආදරේ..

   මං හිතන්නෙ මං එයාල බලාපොරොත්තු නොවී ආව දරුවෙක් වෙන්නැති.. මගෙ මොනර පැටියත් ඒ වගේ..

   ඒත් එයාල මට සලකපු විදියට මගෙ දරුවට සලකන්න මට ඕනකමක් නෑ.. මගෙ දරුවගෙ අනාගතේ විතරක් නෙවෙයි වර්තමානය… මානසික සතුට ගැන ම්ම්ං මෙච්චර හිතන්නෙ ඒකයි..

  දරුවෙක් හදන්න සල්ලි විතරක් මදි.. ආදරේ තියෙන්න ඕන උතුරනකල්.. සමහර විට කෝටියකට දෙන්න බැරි සතුටක් දරුවෙක් එක්ක ගත කරන එක විනාඩි පහලවකට.. ආදරණීය වැලඳගැනීමකට දෙන්න පුළුවන්..මං ආස කරපු..මට නොලැබිච්ච ඒ ආදරේ මගෙ මොනර පැටියගෙන් උදුරගන්න හිතක් මට නැත්තෙ ඒ බව දන්න හින්දා..

මට ආදරේ නොලැබුන වාඩුව මගෙ මොනර පැටියගෙන් ගන්නවා වෙනුවට.. මට නොලැබුන ආදරෙත් එක්ක මගෙ රත්තරන්ට දෙන්න මං හිතාගත්තෙ එයා වියාරගෙ බඩට ආවා කියල දැනගත්ත කම්පනය අකාමකා ගිය හැටියෙ ඉදන්..

       ” මගෙ පුතා බලන්න ලොකුතාත්ති එන්නං රත්තරං.. කෝ නාඩා ඉන්න.. ”

    ” ඔලුව තිදෙනවා.. ” කොල්ලා අයියගෙ අතේ ඉස්සරහට පස්සට පැද්දෙන්න වුනේ ඔලුවෙ තඩිස්සියට ඇගිල්ල දික් කරනගෙන අනිත් අත දිගාරින අකුලන එක නවත්තන්නෙම නැතුව.. අහිංසක පැටියගෙ ඇන්සයිටි අවුස්සන්න තරම් පහත් තත්වෙට අප්පච්චි වැටුනෙ ඌ ලෙඩෙක් කියල දැන දැන..

    මට කරපු වෙනස්කම් මගෙ දරුවටත් කරන්න මං ඉඩදෙන්නෙ නෑ.. මං අයියා අතින් දරුවා උදුරගෙන ඇදගෙන ඉදපු රෙදි පිටින් දොර ලඟට යද්දි අම්මත් බිම බැලුවා විතරයි මට..

  කොච්චර කරත් අම්මත් අප්පච්චි සාධාරණීකරණය කළා කියන්න තව සාධක ඕන උන්නෑ මට.. චූටි මල්ලි මං අතින් දරුවා ගන්න හැදුවට මං උගෙ ඔලුව අතගාගෙන සාලෙට ආවා..

   අයියා මගෙ බෙහෙත් ටික ඔතල අරගෙන.. දරුවගෙයි මගෙයි රෙදි ටිකයි සෙල්ලම් බඩු ටිකත් ඔතාගෙන බෑග් එකකට දාගෙන එලියට එද්දි.. අයියගෙ කාමරෙන් ඇහුනෙ අක්කා කෑගහන සද්දෙ..

   අක්කට බබා ලැබෙන්න අමාරු වෙන්න විදියක් නෑ… තව යන්නෙ මාස හත. ඒත් කියන්නත් බෑ. අඩු මාසෙන් දරුවො ඉපදෙනවලු නෙ.. මංදා..

   අයියලගෙ කාමරේට ගෙදර ඔක්කොම දිව්වෙ ඒ අස්සෙ..

  හරිනම් මමත් දුවන්නෝන.. ඒත් මේ වෙලාවෙ මං මෙතනින් ගියෙ නැත්තං අයියා මට කොහෙත්ම යන්න දෙන්නෙ නෑ. මං මගෙ බඩු ටික දාල තිබ්බ බෑග් එකත් අරන් කොර ගගහ දරුවවත් උස්සගෙන ම ගෙයින් එලියට බැස්සෙ ඔලුව හැරුන මොන අතක ගියත්… ජීවිතේ තියෙන තාක් ආපහු මේ ඔලුව මේ මහගෙදර දිහාවට හරවන්නෙ නං නෑ කියන සිතිවිල්ල පිට.

    පාරට එනකල් දරුවා ඇඩුවා… මං අයියට කෝල් එකක් දෙන ගමන් අපි සාමාන්‍යයෙන් ටවුන් එකට යන ළඟ පාරට හැරෙනවා වෙනුවට වැවතැන්න පාරට හැරිලා පයින් කිලෝමීටර් එක හමාරක විතර දුර දරුවත් උස්සන් පයින් ගියෙ අයියලා කොහෙත්ම හොස්පිට්ල් එකට ගියත් මේ පාරෙන් නේන බව දන්න හින්දා..

      බෑග් එක බිම තියල ඇදලා කැප් තොප්පියක් මූණ වැහෙන්න දාගත්තා.. තාම පාන්දර.. ඒත් මිනිස්සු මූණට මුණගැහෙන එක ගෙදර මිනිස්සුන්ටත් ලැජ්ජයි නෙ. මං ගෙදර ඉන්නවා කියල කවුරුත් දන්නෙ නෑ. අල්ලපු ගෙදර කාන්ති පුංචි ටිකක් දරුවගෙ සද්දෙ ඇහිලද මංදා හොම්බ දානවා මම ජනේලෙන් දැක්කා.. ඒ හින්දම වැඩිය ඒ පැත්තට නොගිහින් ඉන්න මං පරිස්සම් වුනෙත් ඒකයි..

    ” අපිව එක්කන් යන්න අප්පච්චි එනවා කිව්වා මැනික. අඩන්නැතුව ඉන්නකො.. ම්ම්.. අපි ආපහු.. එහෙ යං.. හා ද? ”

    ” අපත්ති..? ” කොල්ලගෙ ඇඩිල්ල පොඩ්ඩක් අඩු වුනා.

    ” ඔව් මැනික.. අපි කොළඹ එක්ක යනවලු අප්පච්චි.. ”

   ” මත.. ඔලුව තිදෙනවා.. ”

   ” කෝ.. ” මං පාර අයිනෙන් බිං ගලකට නැවිල දරුවා ඔඩොක්කුවෙ තියාගෙන අතින් තඩිස්සි ඔලුව අතින් රත් වෙනකල් පිරිමැන්දා.. පව් කොල්ලා.. ගොඩක් ඉදිමිල නැතත් දරුවා බය වෙන්න ඇති වැඩියමත්.. කැරලි ගැහුණ පුංචි කෙහෙරැලි නළළෙ ලස්සන රටාවකට වැවිල තිබුණෙ ලා පාට පුංචි කුරුලු පුලුන් පිහාටු වගේ.. නළල, ඊයෙ හවස ඔඩොක්කුවෙ තියන් ඉර බහින හැටි පෙන්න පෙන්න මං ගෑව ඕඩිකොලෝන් සුවදේ බෑ.. ඒ අස්සෙන් මුගෙ කිරි සුවද ආවා.. මට ආදරේ දැනුනෙ පපුව කාරගෙන එන තරම්..

    මං පොල්ගහවෙල පාරෙ බස් එකට නැගල ටවුන් එකට ගියා. ටවුන් එකේ සීටීබී බස් එක නවත්තපු බස් ස්ටෑන්ඩ් එකේ වාඩිවෙලා එහෙම්ම හිටියෙ මට තව එක අඩියක් ඇවිදගන්න බැරි තරම් ඇගපත තැලිල තිබුන හින්දා..

   අද ඩොක්ට’ස් අපොයින්මන්ට් එක තිබුණෙ. මල්ලි එක්ක යන්න ඉදපු මං දෙව්දුන් අයියා එක්කම යන්න හිතාගත්තෙ බෙහෙතුත් ඉවර වෙන්න ළඟ නිසා.

     අයියගෙ කාර් එක ටවුන් එකට ආවෙ මං ගිහින් පැයකින් වගේ. මං අතේ දරුවා නින්ද ගිහින්.. අපි දෙන්නට බඩගිනිත් එක්ක.

   බෑග් එකේ තිබ්බ රුපියල් සීයක් පිටින් ඇවිදගන්න බැරි මං දරුවත් කිහිල්ලෙ ගහන් ගෙයින් දොරට බැස්සෙ මට මේ ලෝකෙ කවුරුම හරි ගෙයින් පිට හයියට ඉන්නවා කියල දැනන් ඉදපු හින්දා.. වෙන කාගෙහරි උදව් මේ වෙලාවෙ මම ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබුනා. ඒත් අයියගෙ උදව්… මට අයියව දැන් දැන් පවුලක් වගේ දැනෙන්න ගන්නවා නේද කියල මට තේරුණේ ඒ මනුස්සයා ඇවිදින් මගෙ බෑග් එක කරේ එල්ලගෙන දරුවා වඩාගෙන ගිහින් කාර් එකෙන් තියලා.. නැගිටල කකුලක් ඇද ඇද අමාරුවෙන් වාහනේ ලඟට යන ගමන් ඉදපු මාවත් ඒ වැඩට යන ගමන් ඉදපු මිනිස්සුයි.. ඉස්කෝලෙ යන ගමන් ඉදපු ළමයිනුයි මැද ම උස්සල අරන් වාහනෙන් ගිහින් තිබ්බම..

 

      ” ඇයි හංස මේ..? ”

   අයියා වාහනේ හරවල කුරුනෑගල පාරට දානකොට අපේ අයියගෙ වාහනේ ටවුන් එක දිහාට යනවා මම දැක්කා. වාහනේ වීදුරු ටින්ට් කරල තිබ්බත් මං කැප් එක පාත් කරද්දි අයියා මං දිහා අමුතුවෙන් බැලුවෙ.. මං පුතාව තුරුල් කරගත්තා…

     ” මෙහෙම තියාගෙන ඔයා මෙහෙම රස්තියාදු ගහන එක හරිද හංස?.. ඔයාගෙ තුවාල තාම හොදද ළමයො? බලනවා කකුල ඉදිමිලා එනවා..

   ගෙදරට අදින මල්ලිගෙ ශෝටක් ගහගෙන මල්ලිගෙ බාටා දෙක දාන් ඉදපු මගෙ කකුල රතු වෙලා ඉදිමීගෙන එනවා කියල මං දැක්කෙත් එවෙලෙ…

    ” කපන්න වුනත් ඒ ගෙදර මගෙ දරුවා තියන් තව ඉන්න බෑ අයියෙ… ”

    ” හංස… ”

අයියා මේ ගොඩක් දේවල් දැනගෙන හිටියා.. අයියට වරදකාරීබවක් දැනෙන්නත් ඇති… මගෙ අත පරිස්සමට තොල් ලගට අරන් ඉබිද්දි මට ඇඩුනා..

ඒ ඇස් ඉස්සරහ විතරක් මට අඩන්න බයක් දැනෙන්නෙ නැති පුදුමෙත් දරාගෙන මම මගෙ දරුවගෙ නළලට තොල් තද කරගෙන ඇඩුවා.

  
නැවත හමුවෙමු

🤍🦢

පවුලෙ දෙවනි ළමයා / මද්දුමයා කියන්නෙ අවාසනාවන්තම දරුවා.. මං නං ඉගෙනගත්තෙ අත්දැකීමෙන්.. අපේ ගෙදර ගෑල්ලමයි 4යි.. මං තුන.. 🥲💔

ඒත් මගෙ මොනර පැටවුන්ටනම් එක තප්පරේකට වෙනසක් දැනෙන්න ඉඩ නොදෙන එක මගෙ හීනයක්… එහෙම හිත හදාගන්න බැරිනම් මැරි නොකර දරුවො නොහද ඉන්න එක වටිනවා.. 🙂💔

කිසිම දරුවෙකුට දැනෙන්න හොද නෑ එයා මේ ලෝකෙ අත්වැරදීමක් කියල.. හංස ඔයා වගේ parent කෙනෙක් වෙන්න මම හීන දකිනවා.. ❤️

     

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 23 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 23 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 23 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 23 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 23 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 23 | light novel, ,

Comment

Leave a Reply

Chapter 26